මහව ව්‍යාපාරිකයා මරා පිලිස්සූවැයි දෙකක් සැකපිට
2025 June 30- Page Views : 1188
මහව කට්ටඹුවාව දියබැටේ ප්‍රදේශයේ ජිප් රථයක් තුළ පිළිස්සී මියගිය ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මහව මූලස්ථාන පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මහව කයිකාවල ප්‍රදේශයේ පදිංචි විසි හැවිරිදි තරුණයෙකු හා මාවතකම පිළැස්ස ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
කුරුණෑගල, මිල්ලව ,දොරටියාව, මේරි මවුන්ට් පාක් ලිපිනයේ පදිංචි කමල් සම්පත් නැමැති පනස් හැවිරිදි ව්‍යාපාරිකයා පසුගිය 26 වෙනි දින මහව කට්ටඹුවාව දියබැටේ කැලෑ බද ප්‍රදේශයේ ඔහුගේ ජිප් රථය තුළදී පිලිස්සී මිය ගොස් සිටියදී මහව මූලස්ථාන පොලිසිය විසින් සොයා ගෙන තිබුණි.