WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මිනිසුන්ගේ බදු මුදලට වග වන පාලනයක් හදනවා

2025 June 30- Page Views : 32

මිනිසුන්ගේ බදු මුදලට වග විය හැකි ක්‍රමයක් වෙනුවෙන් පාලනය මෙහෙයවන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය කෞශල්‍යා  ආරියරත්න මෙනවිය:- (ජා.ජ.බ) පාර්ලිමේන්තුවේ දී කීවාය.

"නිදහසින් පසු මෙරට මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයට හේතු වූයේ මූල්‍ය විනය පිරිහීමයි. ආර්ථික අර්බුදයේ කටුක නීරස ප්‍රතිඵල විඳීමට සිදුවූයේ අහිංසක ජනතාවටයි.මහජන බදු මුදල් රටේ සංවර්ධනයට යොදා ගැනීමේ වගකීම පාර්ලිමේන්තුවට තිබෙනවා.රට ආර්ථික අර්බුදයට ඇද දැමූ සැබෑ වරදකරුවන් හඳුනා ගෙන ඔවුන් නීතිය හමුවට ගෙන ඒම සහ නැවත කිසිදා එවන් තත්ත්වයක් ඇති නොවීමට පසුබිම සැලසීම ජාතික ජන බලවේග ආණ්ඩුව සැබෑ ලෙසම හඳුනාගෙන තිබෙනවා.මූල්‍ය ක්‍රමෝපාය ඉලක්ක සපුරා ගැනීමට පක්ෂ විපක්ෂ සැමගේ සහය අප බලාපොරොත්තු වෙනවා.

ණය අර්බුදය එක පාලකයෙකුගේ වරදින් සිදුවූවක් ලෙස නොව සමස්ත ක්‍රියාදාමයේ අර්බුදයක් ලෙස අප පිළිගන්නවා යනුවෙන්ද මන්ත්‍රීවරිය කීවාය.