WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කහවත්තේ වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

2025 July 01- Page Views : 1187

කහවත්ත, දලුග්ගල ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

කහවත්ත බුංගිරිය ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයින් දෙදෙනා ඊයේ රාත්‍රීයේ පැහැරගෙන ගොස් තිබුණා.

පසුව ඔවුන් දෙදෙනා දලුග්ගල ප්‍රදේශයට ගෙන ගොස් වෙඩි තබා ඇති බව වාර්තා වෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.