WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වෑන් රථයක් යතුරුපැදියක ගැටෙයි – පුද්ගලයෙකු ජීවිතක්ෂයට

2025 July 01- Page Views : 22

වෑන් රථයක් යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයකු මියගොස් තිබෙනවා.

පුනරින් පොලිස් වසමේ යාපනය මන්නාරම මාර්ගයේ අත්තායි හන්දිය අසලදී මන්නාරම දෙසට ධාවනය වූ වෑන් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටීමෙනුයි මෙම අනතුරක් සිදුව ඇත්තේ.

අනතුරින් යතුරුපැදිකරු හා වෑන් රථ රියදුරු තුවාල ලබා පුනරින් රෝහලට ඇතුලත් කර ඇති අතර යතුරුපැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත රැගෙන යන අවස්ථාවේදී මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 27ක් වූ මිරිසුවෙල් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුර සම්බන්ධයෙන් පුනරින් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

මෙම රිය අනතුරු වලක්වා ගැනීමට නම් රියදුරන් නිසි අවධානයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වනවා.

එමෙන්ම ධාවනයේදි රියදුරුට වෙහෙසකර තත්ත්වයක් පවතින්නේ නම් එය මගහරවා ගෙන රථය ධාවනය කිරීම කළ යුතු වනවා.

ඒ නිසාමයි ජනතාවගේ අවධානය යොමු කිරීම සඳහා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ පූර්ණ මාධ්‍ය අනුග්‍රහයෙන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ Take Care සුරැකෙමු මගතොට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ.