WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගව සොරකම් 13කට සම්බන්ධ සැකකරුවන් 5ක් අත්අඩංගුවට

2025 July 01- Page Views : 1187

පසුගිය 23 වන දින මාරවිල පොලිස් වසමේ යටකලාන ප්‍රදේශයේදී මාරවිල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ගව සොරකම හා මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග ලබා ගෙන වැඩිදුර විමර්ශන සිදු කර තිබෙනවා.

එහිදී සිදුකල විමර්ශනයේදී සැකකරුවන් විසින් මාරවිල, මාදම්පේ, කොස්වත්ත, කඳානෙගෙදර, වැලිපැන්නගහමුල්ල යන පොලිස් වසම් වල සිදු කරන ලද ගව සොරකම් 13ක් සම්බන්ධව තොරතුරු අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරනවා.

සැකකරුවන් අවුරුදු 22ත් 48ත් අතර වයස්වල පසුවන මාරවිල, ඇහැලියගොඩ හා කොළඹ 12 ප්‍රදේශවල පදිංචිකරුවන්.

මොවුන් විසින් ගවයින් ප්‍රවාහනය සඳහා යොදා ගත් වෑන් රථ 03ක් සහ ත්‍රීරෝද රථයක්ද, සොරකම් කරන ලද ගවයින් හය දෙනෙකුද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මාරවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.