WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සහල් වෙළෙන්දෝ වෙළෙඳකටයුතුවලින් ඉවත්වෙති

2025 July 01- Page Views : 26

සම්බා සහ කීරි සම්බා සහල් පාලන මිල ඉක්මවා තමන්ට තොග වශයෙන් ලැබෙන පසුබිමක පාරිභෝගික අධිකාරිය විසින් වැටලීම් කිරීම හේතුවෙන් සහල් වෙළඳාමෙන් ඉවත්වීමට සිදුව ඇතැයි ව්‍යාපාරිකයෝ කියති.

සම්බා කිලෝවක් රුපියල් 240.00 ට සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 260.00 කට මිල නියමව ඇතත් මේ වන විට එම සහල් වර්ග තමන්ට ලැබෙන්නේ පාලන මිල ඉක්මවූ මිල ගණන්වලට බැවින් තමන්ටද ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා ඊට වැඩි මුදලකට අලෙවි කිරීමට සිදුව ඇතැයි ව්‍යාපාරිකයෝ සඳහන් කරති.

එවන් පසුබිමක පාලන මිලට වැඩි ගණන් සඳහා සහල් විකුණන බවට චෝදනා කරමින් පාරිභෝගික අධිකාරිය වැටලීම් කිරීම හේතුවෙන් තමන්ට රුපියල් ලක්ෂය ඉක්මවූ දඩ මුදල් ගෙවීමට සිදුවීමේ අවදානමක් උද්ගතව ඇතැයි ඔවුහු සඳහන් කරති.