ඇය එක් යුගයක අවසානයක්... ශ්‍රී ලංකාව නියෝජනය කරන්න වරම් ලැබූ ඇය ගැන ඇසෙන ඒ දුක්බර කතාව මෙන්න..
2025 July 01- Page Views : 41 කියන්න යන්නේ තවත් සුවිශේෂී චරිතයක් වුණු ඇගේ නික්මයාම ගැන කතාවයි..
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හොලිවුඩය අතික්‍රමණය කළ පළමු කාන්තාව ලෙස සැලකෙන මොරීන් හින්ගර්ට් හෙවත් මොරීන් නෙලියා බැලර්ඩ්නී හින්ගර්ට් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට 88 වැනි වියෙහි පසු වූ අය 1937 ජනවාරි 9 වැනි දා කොළඹ දී උපත ලැබුවා.
1955 දී මිස් සිලෝන් කිරුළ හිමිකර ගත් ඇය 1955 වසරේ දී මිස් යුනිවර්ස් තරගයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එහිදී ඇය දෙවැනි අනුශූරතාව දිනා ගත්තා.
ඉන් අනතුරුව ඇයට හොලිවුඩයේ වරම් හිමි වූ අතර 1958 දී ඇය “Gun Fever” නම් හොලිවුඩ් චිත්‍රපටයේ රගපෑමට අවස්ථාව ලැබී තිබුණා.
එහි රූගත කිරීම් අතරතුර ලබාගත් ඡායාරුවක් 1957 සැප්තැම්බරයේ ප්‍රකට Play Boy සගරාවේ පලවූ බව වාර්තා වන අතර Play Boy සගරාවේ රුව පලවූ පළමු ලාංකික කාන්තාව වන්නෙත් ද ඇයයි .
ඇය 20 Century Fox හා Universal Inteational Studios යන ප්‍රකට චිත්‍රපට සමාගම් සමග ගිවිසුම් ගත වී චිත්‍රපට සදහා දායක වූ බවයි වාර්තා වන්නේ.
ඇය රංගනයෙන් දායක වූ සිනමාපට අතර The King and I, Fort Bowie, Gun Fever, The Adventures of Hiram Holiday, Moroccan Halk Moth, Pillars of the Sky, Dangerous Search, Gunman from Laredo සහ The Rawhide Trail චිත්‍රපටයන් වනවා.
දරුවන් දෙදෙනෙකුගේ මවක් වන ඇය, ඇගේ ඇගේ දියණිය පිළිකා රෝගයෙන් මිය යෑමත් සමග ලොසැන්ජලීස් නුවරට වී මාධ්‍යයෙන් දුරස් වූ ජීවිතයක් ගෙවූ බවත් සඳහන්.
හොලිවුඩය ජය ගත් මොරීන් හින්ගර්ට්ගේ අභාවය පිළිබඳ මෙරට ජනප්‍රිය හා ප්‍රවීණ රංගන ශිල්පිනියක වන ඇන්ජලා සෙනෙවිරත්න ද සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.