WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කවුරුත් ආදරය කරන ඇය මේ සූදානම් වෙන්න කරකාර බඳින්නද..?

2025 July 02- Page Views : 25

"කරකාර බඳින්නට කාලේ හොඳා බහ දුන්නොතින් ආල හිතින්.." ඇගේ හඬින් ගැයුණු ඒ අපූරු ගීතය බොහෝ දෙනෙකුගේ මතකයේ රැඳි ගීත අතරින් එකක් වුණා.. 

කවුරු ගැනද මේ කතාබහ.. මේ දවස්වල බොහෝ දෙනෙක් ආදරය කරන කාංචනා අනුරාධි, මේ ලිපියේ කතානායිකාව ඇයයි..

කාංචනා කියන්නේ නව පරපුරේ දක්ෂ ඒ වගේම ජනප්‍රිය ගායන ශිල්පිනියක් නේ.. බෝනික්කියක් වගේ ලස්සන ඇගේ ආදරය දිනාගන්න කැමති තරුණයෝ නම් මේ ලංකාවේ ඕනෑතරම්.. ඒත් කාංචනා ආදරය විවාහය ගැන හිතන්නේ මොන වගේද..? මේ ඇය ඒ ගැන කියා තිබුණු කතාවක්..

ඇයට මේ වෙද්දී ප්‍රේමවන්තයෙක් ඉන්නවාද..? ඒ ගැන ඇසෙන කසුකුසුවත් එක්ක කාංචනා ඒ ප්‍රශ්නයට උත්තරදීලා තිබුණේ මෙන්න මේ විදිහටයි..

"ඕනෑ කෙනෙක්ට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. ඔය වගේ කතා ගොඩක් දෙනෙක් කියනවා. ඒක සාමාන්‍යයි. කවුරු මොනවා කිව්වත් මට ප්‍රශ්නයක් නැහැ. හැමෝම තම තමන්ගේ ලෝකවලදී තමන්ට දැනෙන හැඟෙන දේවලුයි ප්‍රකාශ කරන්නේ. ඒත් ඔය කියන දේවල් මොනතරම් ඇත්තද මොනතරම් බොරුද කියලා ඔය කවුරුවත් දන්නේ නැහැ. කොහොම වුණත් ආදරය කියලා කියන්නේ මේ ලෝකේ මම දකින වටිනාම සහ විශාලම දේ. මේ හැමදේම නිර්මාණය වෙලා තියෙන්නේ ආදරය නිසා. අපිට හුස්ම ගන්නවත් තව මොනතරම් කාලයක් ඉතිරි වෙලා තියෙනවද කියලා අපි දන්නේ නැහැ. මේ මොහොතේ අපිට පුළුවන් තරම් මේ මුළු ලෝකයටම ආදරය පැතිරවිය යුතුයි සහ ආදරණීය කෙනෙක් විය යුතුයි කියලා මනුෂ්‍යයෙක් විදිහට මම විශ්වාස කරනවා. ආදරය හැම තැනකම තියෙනවා. ඒකට ප්‍රමාණයක් නැහැ. ඒ ආදරය තුළින් මුළු ලෝකයම සුවපත් කරන්න පුළුවන්. මම ආදරය දකින්නේ ඒ විදිහටයි" ආදරය ගැන හරිම ආදරණීය විදිහට වචන එකතු කරපු කාංචනාට විවාහය ගැන නම් තිබුණේ ටිකක් වෙනස් විදිහේ අදහසක්...

"විවාහය කියන්නේ අන්‍යෝන්‍ය අවබෝධයත් එක්ක එකිනෙකාගේ පෞද්ගලිකත්වයට සහ විශ්වාසවලට ගරු කරලා ආදරේ නාමයෙන් දෙන්නෙක් අතර ඇතිකර ගන්නා ලොකු බැඳීමක්. ඒ බැඳීම නීතිමය බැඳීමක්. මේ සමාජයට ඒක අත්‍යවශ්‍ය කාරණාවක් කියලා මම හිතන්නේ නැහැ. මම මේ කියන එක සමහරුන්ට වැරදි විදිහට අවබෝධ වෙන්නත් ඉඩ තියෙනවා. විවාහය අත්‍යවශ්‍ය දෙයක් හැටියට මම දකින්නේ නැහැ කියලයි මම කිව්වේ. කොහොම වුණත් මිනිසුන් තම තමන්ගේ අවශ්‍යතාවට අනුව, තම තමන්ට දැනෙන හැඟීම් දැනීම්වලට අනුව විවාහයකට යොමු වෙනවා. ඒකත් ඉතාම හොඳ අත්දැකීමක්. ආදරය විවාහයකින් කෙළවර විය යුතුයි කියලා මම හිතන්නේ නැහැ. මම මුලිනුත් කිව්වා වගේ ආදරය කියන්නේ මේ ලෝකයේ තියෙන වටිනාම සහ විශාලම දේ. ඒ ආදරේ බැඳීමකින් කෙළවර විය යුතු නැහැ කියලයි මම හිතන්නේ."