කුරුවිට පාළු පාරකදී තරුණියක් මරා දාලා
2025 July 03- Page Views : 28 කුරුවිට , දෙවිපහළල දොඩම්ඇල්ල ඇල හරහා හේන්යාය ගම මාර්ගයේ විසිහය හැවිරිදි අවිවාහක තරුණියක ඊයේ (02) ඝාතනය කර ඇතැයි කුරුවිට පොලිසිය කියයි.
දෙවිපහලල හේන්යායේ පදිංචි ලියනආරච්චිලාගේ ගෙදර ශාලිකා මදුශානි (26) තරුණිය මෙලෙස ඝාතනය කර ඇත.
ඇය කුරුවිට පැරඩයිස් ප්‍රදේශයේ පුද්ගලික මැණික් කැපීමේ ආයතනයක සේවය කළ තැනැත්තියකි. සේවය අවසන්ව නිවසට යද්දී සවස 06.00ට පමණ ඝාතනය සිදුකරන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
ඇගේ නිවසට කුරුවිට දෙවිපහළ පාරේ සොයිසා කඩේ හන්දියේ සිට කිලෝමිටර් දෙකක පමණ දුරක් ඇති බව ද පොලිසිය පැවසුවේය. ඇය දිනපතා එම දුර පයින් යනඑන බවට තොරතුරු ඇතැයි ද පොලීසිය කීවේය.