කටුනේරියේ ව්‍යාපාරිකයා ඝාතනයට පාසල් සිසුවෙක් සැකපිට
2025 July 07- Page Views : 1187
කටුනේරියේ කෝටිපති ව්‍යාපාරිකයකු ඝාතනය කර සිරුර සිරිගම්පල ප්‍රදේශයේ වාහන සෝදා පිරිසිදු කරන ආයතනයක වතුර වළක සැඟවීම සම්බන්ධයෙන් අයිය මලෝ දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
අත් අඩංගුවට ගත් අයියා 19 හැවිරිදි වියේ පසුවන කාර්මිකයකු වන අතර පහළොස් හැවිරිදි ඔහුගේ මල්ලි මාරවිල ප්‍රසිද්ධ පාසලක සිසුවෙකි.
කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන 20 හැවිරිදි තරුණයාගෙන් ප්‍රශ්න කර හෙළි කර ගත් තොරතුරු මත මෙම බාල වයස්කාර පාසල් සිසුවා සහ ඔහුගේ අයියා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි.