WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කතානායකට විශ්වාසභංගයක්?

2025 July 08- Page Views : 27

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න   මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්  ළඟදීම ඉදිරිපත් කිරීමට  විපක්ෂයේ දේශපාලන පක්ෂ සූදානම් වන බව ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අද ස්ථිර  තීරණයකට එළඹීමට නියමිත බව දැනගන්නට ඇත.

කතානායකවරයා ලබාගෙන ඇතැයි පැවසෙන යම් යම් පහසුකම් සම්බන්ධයෙන් කොළඹදී ඊයේ (7) පැවැති සමගි ජන බලවේගයේ කණ්ඩායම් රැස්වීමේදීද ඇතැම් මන්ත්‍රීවරුන් විවේචනාත්මකව කතා කර ඇතැයි එම පක්ෂයේ මන්ත්‍රීවරයෙක් පැවසීය.

කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂයේ බොහෝ දේශපාලන පක්ෂ එකඟ වී ඇතැයි ද එම ආරංචි මාර්ග  වැඩිදුරටත් සඳහන් කළේය.

තමන්ට හිමි  පහසුකම් වලට අමතරව වෙනත්  පහසුකම්ලබාගැනීම , ධූරයේ බලය අයුතු ලෙස පරිහරණය කිරීම  සහ  ආණ්ඩු පක්ෂයට  වැඩි පක්ෂග්‍රාහීත්වයෙන් කටයුතු කිරීම යනාදී චෝදනා පදනම් කරගෙන මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කෙරුණු ඇතැයි දැනගන්නට ඇත.

දයාසිරි ජයසේකර මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන්  ගණනාවක් පසුගිය කාලයේදී මැතිසභයේදීද කතානායකවරයා දැඩි ලෙස විවේචනය කරනු දැක ගත හැකිවිය.