WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයට ඉහළින් වැටුණු ෆෝන් පාර්සලයක් අත්අඩංගුවට

2025 July 08- Page Views : 359

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ D කොටසේ බන්ධනාගාර නිලධාරින් රාජකාරි යෙදවීමට සකස් කර ඇති මුරකුටිය ආසන්නයට ඊයේ (07) පාර්සලයක් විසි කළ බව විශේෂ කාර්ය බලකාය නිලධාරියෙකුට නිරික්ෂණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් CCTV දර්ශණ නිරීක්ෂණය කර, නිලධාරීන් කණ්ඩායමක් වි‍ශේෂ අංශයට ඇතුළු වන ස්ථානයේ සිටියදී බන්ධනාගාරයේ දෙවන පෙළ නිලධාරීන් දෙදෙනෙකු පිටව ගොස් වැටි තිබූ සැක සහිත පාර්සලය රැගෙනවිත් තිබුණා.

පසුව රත්ගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරින් කණ්ඩායමක් ගාල්ල ඇගිලි සළකුණු කාර්යංශයේ නිලධාරින් ගෙන්වා විශේෂ කාර්ය බලකාය, බන්ධනාගාර අධිකාරිවරයා ඇතුළු නිලධාරින් ඉදිරියේ පාර්සලය විවෘත කර තිබෙනවා.

එම අවස්ථාවේ පාර්සලයේ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන 08ක් තිබී ඇති අතර, වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා එම දුරකථන බන්ධනාගාර නිලධාරින් ව්සින් රත්ගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවට සඳහන්.