රඹුටන් ඇටයක් සිරවී සිඟිත්තෙකු මරුට
2025 July 08- Page Views : 1187
රඹුටන් ඇටයක් සිරවීම හේතුවෙන් පස් හැවිරිදි පිරිමි දරුවෙකු මිය ගොස් තිබේ.
මිද්දෙණිය පොලිස් වසමේ පල්ලි ජුලම්පිටිය ප්‍රදේශයේ දී ඊයේ (07) මෙම සිදුවීම සිදුව තිබුණි.
අදාළ දරුවා රඹුටන් ඇටය සිරවීම නිසා සිහිසුන් වී ඇති අතර කඩිනමින් කටුවන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.
එහිදී වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහුව වලස්මුල්ල මූලික රෝහලට මාරුකර යවා ඇති අතර, රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දරුවා මියගොස් ඇත.