WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න
UPDATE PageCnt SET CntNo=39 WHERE CodeNo=51173
SQLSTATE[HY000] [1040] Too many connections

හැටන් සිංගිමලේ ජලාශයට වැටී සිසුවෙක් අතුරුදන්

2025 July 09- Page Views : 39

හැටන් සිංගිමලේ ජලාශයට ඇදවැටී පාසල් සිසුවෙක් අතුරුදන් ව ඇති බව හැටන් පොලීසිය පවසයි.

මෙසේ අතුරුදන් ව ඇත්තේ 13 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවෙකි.

එම සිසුවා ඔහුගේ මිතුරන් 06 දෙනෙකු සමග ඊයේ (08) පස්වරුවේ ඡායාරූප ගැනීම සදහා ජලාශයට ඉහළන් වූ සිංගිමලේ රක්ෂිතයට ගොස් ජලාශයේ වේල්ල දිගේ ගමන් කරමින් සිටියදී මෙසේ ජලාශයට ඇද වැටී ඇත. 

ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති නිසා අතුරුදන් වූ සිසුවාගේ සිරුර සොයා ගැනීමට නොහැකි වු බවත්, සිසුවාගේ සිරුර සොයා ගැනීම සදහා පොලිස් ජීවිත ආරක්ෂක බලකායේ සහ නාවික හමුදා කිමිදුම් අංශයේ නිලධාරින්ගේ සහාය ඉල්ලා ඇති බවත් හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පැවසුවේය.

මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ අතුරුදන් වු සිසුවාගේ දෙමව්පියන් විදේශගත වී ඇති අතර ඔහු පාසල් යෑම සදහා හැටන් ප්‍රදේශයේ බෝඩිමක නැවතී සිටියදි පරිඝණක භාහිර පන්තියකට සහභාගිවන බව පවසා එම නිවසින් පිටව ගොස් මෙම අනතුරට මුහුණ පා ඇති බවය.