WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලක්ෂ 80ක ගංජා සමග තිදෙනෙකු අත්අඩංගුවට

2025 July 09- Page Views : 1187

තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් තණමල්විල ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී ගංජා හේන් හතක් වටලා සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තණමල්විල,බලහරුව සහ උස්ගල යන ප්‍රදේශවල මෙම ගංජා හේන් වගා කර තිබී ඇති අතර ඒවායේ තිබූ විවිධ උස ප්‍රමාණයන් වලින් ඉතාමත්ම සරුවට වගා කර තිබූ ගංජා ගස් හැටදහසක් පමණ සොයාගත් බව පොලිසිය සඳහන් කළා.

එම ගංජා වල වටිනාකම රුපියල් ලක්ෂ අසූවකට අධික බව පොලිසිය පවසන අතර පොලිස් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්සර,තිස්සමහාරාමය සහ බලහරුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනකු බවයි පොලිසිය සඳහන් කළේ.

සියලුම ගංජා ගස් ගිනිතබා විනාශ කර ඇති අතර සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.