අද අලුයම හිරණ වෙඩිතැබීමක්
2025 July 11- Page Views : 1187
අද (11) අලුයම් කාලයේදී හිරණ පොලිස් වසමේ මාලමුල්ල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ නිදා සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ.
පොලීසිය සඳහන් කළේ නාඳුනන පුද්ගලයෙකු විසින් නිවසේ ජනේලයක් බිඳ වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවය.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රථිකාර සඳහා පානදුර රෝහලට ඇතුළත් කර ඇත.
තුවාලකරු වයස අවුරුදු 32ක් වූ මාලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වෙඩි තැබීමට හේතුව හා සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.
වෙඩිතැබීම සඳහා පිස්තෝල අවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැක කරයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 3ක් වැඩිදුර විමර්ශන සිදු කරන බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.
මෙම වෙඩිතැබීම කුඩු සළිඳු සහ නිලංග අතර ගැටුමේ කුඩු සළිඳු පාර්ශ්වයේ අයෙකු ඉලක්ක කර සිදුකළ වෙඩිතැබීමක් බවටද පොලීසිය සැක කරයි.