කාන්තා මළසිරුරක් හමුවෙයි
2025 July 12- Page Views : 26 මාතර පොලිස් වසමේ පරවි දූපතට යන පාලම යට මුහුදේ තිබියදී නාඳුනන කාන්තා මළසිරුරක් සොයාගෙන ඇත.
මාතර පොලීසියට ලද තොරතුරක් අනුව ඊයේ (11) රාත්‍රී කාලයේදී මළසිරුර සොයාගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
මියගිය කාන්තාව වයස අවුරුදු 40ත් 45ත් අතර වයසේ පසුවෙන තැනැත්තියක් බවට පොලීසිය සැක කරයි.
ඇයගේ අනන්‍යතාව මෙතෙක් තහවුරුවී නොමැති අතර කළු, කහ වර්ණයෙන් යුත් ඇඳුමක් සහ කළු වර්ණයෙන් යුත් කොට සායක් හැඳ සිටින බවද පොලීසිය පවසයි.
ඇයගේ උස අඩි 05ක් පමණ වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.