WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ආසියාවේ ලොකුම වැට් වංචාකරුට එරෙහි දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයත් අනුමත කරයි

2025 July 12- Page Views : 5

දකුණු ආසියාවේ විශාලතම බදු වංචාව ලෙස සැලකෙන රුපියල් කෝටි 390ක ”වැට් බදු” වංචාව කළ ව්‍යපාරිකයකුට බරපතල වැඩ සහිත වසර 20ක සිර දඬුවම් හා දඩ නියම කරමින් කොළඹ මහාධිකරණය දුන් තීන්දුව අනුමත කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ද අද අනුමත කළේය.

දඬුවම් නියම වූ විත්තිකරුවකු වූ මොහොමඩ් කුතුබ්දීන් විසින් ගොනු කර තිබූ අභියාචනා පෙත්සමට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කළ මෝසමක් සම්බන්ධයෙන් තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අර්ජුන ඔබේසේකර, මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

2002 වසරේ නොවැම්බර් මස 15 වනදාත් 2004 වසරේ දෙසැම්බර් මස 15 වනදාත් අතර කාලසීමාව තුළ දකුණු ආසියාවේ විශාලතම බදු වංචාව ලෙස සැලකෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයවිය යුතු රුපියල් බිලියන 3.9 වැට් බදු මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 20 බැගින් දඬුවම් හා දඩ මුදල් නියම කර තිබිණ.

මෙලෙස දඬුවම් නියම වූ විත්තිකරුවන් තිදෙනාම අධිකරණය මගහැර පළා ගොස් සිටි අතර පසුව ඔවුන් එම දඬුවමට එරෙහිව අභියාචනාධිකරණයට අභියාචනා පෙත්සම් ඉදිරිපත් කළත් අභියාචනාධිකරණය ඒවා ප්‍රතික්ෂේප කර මහාධිකරණය විසින් පැනවූ දඬුවම තහවුරු කර ඇත.