වව්නියාවේදී පොලීසිය සහ ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්ත්වයක්
2025 July 12- Page Views : 1187
වව්නියාව කූමාංකුලම් මත්පැන්හළක් ආසන්නයේදී රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක් ලුහුබැඳ ගොස් නතර කිරීමට උත්සාහ කර තිබේ.
එහිදී පලාගිය යතුරුපැදිය පෙරළීමෙන් එහි ගමන්ගත් පුද්ගලයා ජීවිතක්ෂයට පත්වී ඇත.
ඊයේ (11) රාත්‍රියේදී මෙම සිද්ධිය ඇතිවී තිබුණි.
සිද්ධියත් සමග ප්‍රදේශවාසීන් නොසන්සුන්කාරී ලෙස හැසිරී තිබෙන අතර පොලීසිය සමග උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ කූමාංකුලම් ප්‍රදේශයේ පදිංචි රාමසාමි ඇන්තෝනිපිල්ලේ නමැති 58 හැවිරිදි පුද්ගලයෙකි.
ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙම මරණය අනතුරක් නොව ඝාතනයක් බැවින් අදාළ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගත යුතු බවය.