WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වැලිගම ප්‍රා.ස මාලිමා මන්ත්‍රීගේ නිවසට වෙඩි

2025 July 16- Page Views : 18

වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ තාරක නානායක්කර මහතාගේ නිවස ඉලක්කක කර අද(16)  අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලීසිය කියයි.

යතුරු පැදියකින් පැමිණ තිබූ නාඳුනනවා පුද්ගලයන් දෙදෙනෙකු අද අලුයම 4.39 ට පමණ එම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

වෙඩි ප්‍රහාරය  නිවසේ ගේට්ටුවට එල්ල වී තිබූ අතර වෙඩි ප්‍රහාර හතක් එලෙස එල්ල වී තිබූ බව පොලිසිය සඳහන් කරයි. මේ වන විට සිදුකළ විමර්ශන වලදී ටි 56 ගිනිය අවියකින් එම වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.