2025 ලෝක තරුණ නිපුණතා දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහන් කිහිපයක්
2025 July 16- Page Views : 28 2025 ලෝක තරුණ නිපුණතා දිනය සැමරීම වෙනුවෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ වෘත්තීය අධ්‍යාපන අංශය විසින් ඊයේ (15) දිනය පුරාවට දිවයිනේ දිස්ත්‍රික්ක 04ක් ආවරණය වන පරිදි විශේෂ වැඩසටහන් රාශියක් සංවිධානය කර තිබුණා.
2014 වර්ෂයේ ලෝක තරුණ නිපුණතා දිනය සම්බන්ධයෙන් යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ ද ශ්‍රී ලංකාව විසින්.
එහි ප්‍රතිඵලයක් ලෙස 2015 වසරේ සිට “ලෝක තරුණ නිපුණතා දිනයක්” නම් කරන ලද අතර එය මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය ලද විශාල ජයග්‍රහණයකි.
ඒ අනුව මෙවර “කෘත්‍රිම බුද්ධිමය සහ ඩිජිටල්කරණය තුළින් තාරුණ්‍යය සවිබල ගැන්වීම” යන තේමාව මුල් කර ගනිමින් මාතර, කුරුණෑගල සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවල සැමරුම් උත්සව රැසක් සංවිධානය කර තිබූ අතර එහි ප්‍රධාන සැමරුම් උත්සවය ඔරුගොඩවත්ත කොරියානු ජාතික වෘත්තීය පුහුණු ආයතනයේදී පැවැත්වුණා.