WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

යතුරුපැදි සොරකම් කරන කල්ලියක් ගැන තොරතුරු හෙළිවෙයි

2025 July 19- Page Views : 1187

යතුරුපැදි සොරකම් කරන කල්ලියක තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගිරිඋල්ල පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් සමත්වී තිබේ. 

අපරාධ නිවාරණ මෙහෙයුම් රාජකාරිවල යෙදී සිටි ගිරිඋල්ල පොලිස් ස්ථානයේ අදාළ නිලධාරින් කණ්ඩායමට ලද තොරතුරකට අනුව ගිරිඋල්ල පොලිස් වසමේ ලබ්බල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 305ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 20 හැවිරිදි වයසේ පසුවන කොටදෙනියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

සැකකරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී මොවුන් විසින් මීගමුව හා කුලියාපිටිය පොලිස් වසම්වලදී සිදු කරන ලද යතුරුපැදි සොරකම් සම්බන්ධව අනාවරණය වී ඇත.

ඒ අනුව සැකකරුවන් විසින් සොරකම් කරන ලද යතුරුපැදි 04ක් සහ අපරාධ සිදුකිරීමට යොදාගත් යතුරුපැදියක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.