WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

උඩවලව පනහඩුව වැවේ ගිලී තරුණයින් දෙදෙනෙකු අතුරුදන්

2025 July 21- Page Views : 1187

උඩවලව පනහඩුව වැවේ මාලු ඇල්ලීමට ගිය දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.

මෙම පුද්ගලයින් දෙදෙනා ටියුබ් එකක් ආධාරයෙන් මාලු ඇල්ලීම සඳහා පනහඩුව වැවට ගොස් ඇති අතර එහිදී දියේ ගිලී ඇති බව වාර්තා වේ.

මෙසේ දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 30ක සහ 29ක තරුණයින් දෙදෙනෙකි.

ඔවුන් දෙදෙනාම පනහඩුව ප්‍රදේශයේම පදිංචිකරුවන් බව සඳහන් වේ.

මෙම තරුණයින් දෙදෙනා දියේ ගිලෙන ආකාරය ගම්වැසියෙකු විසින් දැක ඇති අතර ඔහු ඒ පිළිබඳව පොලීසිය දැනුම්වත් කර තිබේ.

ඉන් අනතුරුව ඇඹිලිපිටිය පොලීසියේ ජීවිතාරක්ෂක නිලධාරීන් සහ යුධ හමුදා පිහිනුම්කරුවන් පැමිණ ඔවුන් දෙදෙනාම සෙවීමේ කටයුතු ආරම්භ කර ඇති අතර එහිදී එක් පුද්ගලයෙකුගේ සිරුර සොයා ගෙන ඇත.

අතුරුදන්ව ඇති අනෙක් පුද්ගලයාගේ සිරුර සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.