WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සංචාරක සංවර්ධන අධිකාරිය දුන් පොරොන්දුව

2025 July 22- Page Views : 1187

නීති විරෝධී අන්දමින් සංචාරක මාර්ග උපදේශන කටයුතුවල නිරත සංචාරක මාර්ග උපදේශකයන්ට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගන්නා බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් අද (23) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පොරොන්දු වී තිබේ.

 ග්‍රී ලංකා සංචාරක මාර්ග උපදේශක කථිකාචාර්යවරුන්ගේ සංගමය විසින් ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවනු ලැබු අවස්ථාවේදී   ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය මෙම දැනුම්දීම සිදු කළාය.

 මෙම පෙත්සම අද එස්.තුරෙයි රාජා, මහින්ද සමයවර්ධන සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ  සලකා බලනු ලැබීය.

මෙම පෙත්සම කැඳවු අවස්ථාවේදී පෙත්සම්කාර සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නීති විරෝධී සංචාරක මාර්ග උපදේශකයින් හේතුවෙන් සංචාරක කර්මාන්තය බිඳ වැටි සම්පූර්ණයෙන්ම විදෙස් වීනිමය රටට අහිමි වෙන තත්ත්වයක් උද්ගත වී තිබෙන බවය.

මෙම තත්ත්වය වැළැක්වීම සඳහා වගඋත්තරකරුවන් සුදුසු පියවර ගතයුතු බවත් ඔහු සඳහන් කර තිබේ.

වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම තත්ත්වය නිරාකරණය කිරීම සඳහා සංචාරක සංවර්ධන අධිකාරිය වෙනම කාර්යාංශයක් පිහිටුවීමට බලාපොරොත්තු වන බවත් ඒ සම්බන්ධයෙන් මාස තුනක් ඇතුළත අවශ්‍ය නීතිමය පියවර ගැනීමට අපේක්ෂා කරන බවත් අධිකරණය හමුවේ දැනුම් දී ඇත.