අපවත් වී වදාළ අස්ගිරි අනුනායක හිමිගේ අදාහන පුජෝත්සවය අද
2025 July 24- Page Views : 1187
අපවත් වී වදාළ අස්ගිරි මහ විහාර පාර්ශවයේ අනුනායක අති පුජ්‍ය ආනමඩුවේ දම්මදස්සි හිමිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (24) දින සිදුකිරීමට නියමිතව තිබේ.
මහනුවර අස්ගිරි පොලිස් ක්‍රීඩාංගණයේ දී අද පස්වරුවේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව එම කටයුතු සිදුකිරීමට නියමිතය.
මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුගිය 21 වන දින පුජ්‍ය ආනමඩුවේ දම්මදස්සි හිමියන් අපවත් විය.
අපවත් වී වදාළ අති පුජ්‍ය ආනමඩුවේ දම්මදස්සි හිමිගේ දේහය මේ වන විට මහජන ගෞරවය සඳහා අස්ගිරි මහා විහාරයේ අතිපුජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමි අනුස්මරණ ශාලාවේ තැන්පත් කර තිබේ.