රඹුටන් ගස් ආශ්‍රිතව සිදුවන අනතුරුවල ඉහළ යාමක්
2025 July 24- Page Views : 1187
පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසර තුළ රඹුටන් ගස් ආශ්‍රිතව සිදුවන අනතුරුවල ඉහළ යාමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.
රඹුටන් ඵලදාව සතුන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා ඇතැම් පුද්ගලයින් විසින් එම ගස්වලට විදුලි රැහැන් ඇදීම හේතුවෙන් මෙම අනතුරු සිදුවන බව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය විරාජ් රෝහණ අබේකෝන් මහතා සඳහන් කළේය.
ඒ අනුව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ මේ වන විට පුද්ගලයින් කිහිපදෙනෙකු ප්‍රතිකාර ලබන බව විශේෂඥ ශල්‍ය වෛද්‍ය විරාජ් රෝහණ අබේකෝන් මහතා පවසයි.
මේ අතර කුඩා ළමුන්ට රඹුටන් ආහාරයට ලබාදීමේ දී ඒ සම්බන්ධයෙන් දෙමව්පියන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව ද ඒ මහතා වැඩිදුරටත් අවදාරණය කළේය.