WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කෝටි 40 කුඩු රැගෙන ආ කැනඩානුවා මාට්ටු

2025 July 25- Page Views : 1187

රුපියල් කෝටි හතලිහක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය ගුවන් මගියෙක් , කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති '' හරිත මාවත"  ඔස්සේ රැගෙන ගෙන යාමට උත්සහ කරද්දි  ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාළන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද අලුයම අත් අඩංගුවට ගනු ලැබූහ.

සැකකරු 52 හැවිරිදි කැනඩාවේ ඔන්ටාරියෝ හි පදිංච්කරුවෙකි

ඔහු මෙම මත්ද්‍රව්‍ය තොගය කැනඩාවෙන් රැගෙන , කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ  එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. - 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ "හෂීෂ්" කිලෝ ග්‍රෑම් 12 යි ග්‍රෑම් 196 ක් සහ " කොකේන් " කිලෝ ග්‍රෑම් 05 යි ග්‍රෑම් 298 ක් සඟවා ගෙන තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .