WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මත්ද්‍රව්‍ය - අපරාධ මෙහෙයුම් දිගටම

2025 July 25- Page Views : 1187

මත්ද්‍රව්‍ය හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති සෝදිසි මෙහෙයුම් මාලාවේ තවත් සෝදිසි මෙහෙයුම් කිහිපයක් ඊයේ (24) දිනය පුරා ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව එක්ව සිදු කළ බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය පවසයි.

පොලිස් නිලධාරීන්, විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් 7100 කගේ සහභාගීත්වයෙන් කෙරුණු මෙහෙයුමේදී  පුද්ගලයන් 25671 දෙනකු පරීක්ෂාවට ලක් කෙරුණු අතර වාහන 10360 ක් හා යතුරු පැදි 7833ක ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කෙරිණු බව අමාත්‍යංශය නිවේදනය කරයි.

මෙම මෙහෙයුම් අතරතුරදී මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 1504 ක් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 160 මිලිග්‍රෑම් 809ක ප්‍රමාණයක්ද හෙරොයින් ග්‍රෑම් 214 මිලිග්‍රෑම් 705ක් ද අත්අඩංගුවට පත්විය.

එම විශේෂ වැටලීම් වලදී අපරාධ වලට සෘජු ලෙස සම්බන්ද බවට හඳුනාගත් පුද්ගලයන් 22 දෙනකුද අත්අඩංගුවට ගෙන ඇත. විවිධ වැරදි සම්බන්ධයෙන් වරෙන්තුකරුවන් 520 දෙනෙකුද අත්අඩංගුවට පත් වූ බව අමාත්‍යංශය කියයි.