WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

යෝෂිතගේ සහ ඩේසි ආච්චිගේ නඩුවකට දිනදෙයි

2025 July 28- Page Views : 1187

රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් අයථා ලෙස උපයාගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් යන අයට නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක් යළි සැප්තැම්බර් මස 22 වෙනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

මෙම නඩුව අද (28) කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

  එහිදී යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ සාක්ෂියක් ලෙස වෝහාරික විගණන වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර එම විගණන වාර්තාව සකස් කිරීම සඳහා ඊමේල් පණිවුඩ අඩංගු සීඩී තැටි 26ක්, පෙන්ඩ්‍රයිව් 08ක්, හාඩ්ඩ්‍රයිව් 1ක්, ලැප්ටොප් 1ක් සහ CPU එකක් සම්බන්ධයෙන් ප්‍රවේශ වී පරීක්ෂා කිරීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට තමන් විරුද්ධ නොවන බව රජයේ නීතිඥවරයා සඳහන් කළේය. 

ඒ අනුව අදාළ පැමිණිල්ල නැවතත් සැප්තැම්බර් මස 22 වෙනිදා කැඳවීමට දින නියම වුණි.

රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් හා දේපල අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන අයට විරුද්ධව නීතිපතිවරයා විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මෙම නඩුව ගොනුකර තිබේ.