WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හිටපු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාරට එරෙහි දූෂණ නඩුව සැප්තැම්බර් 04ට කැඳවයි

2025 July 28- Page Views : 1187

අල්ලස් කොමිසම විසින් "දූෂණය" නමැති වරද යටතේ හිටපු කාන්තා කටයුතු අමාත්‍යවරියක වන චන්ද්‍රානි බණ්ඩාරට එරෙහිව ගොනු කර තිබෙන නඩුව සැප්තැම්බර් මස 04 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ නියම කළා.

මෙම නඩුව අද (28) කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විත්තිකාර චන්ද්‍රානි බණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අධි චෝදනා පත්‍රය පවරා පවත්වාගෙන යාමට නොහැකි බව සඳහන් කරමින් තමන් විසින් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළා.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරිණිය සඳහන් කළේ මෙම නඩුවට අදාල ලේඛන අධිකරණය හමුවේ විත්තියට භාරදෙන බවයි.

ඉන් අනතුරුව විත්තිය විසින් අදාල මූලික විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා එම නඩුව සැප්තැම්බර් මස 4 වනදා කැඳවන ලෙස විනිසුරුවරයා නියම කළා.

විත්තිකාර හිටපු අමාත්‍යවරියට එරෙහිව අල්ලස් කොමිසම විසින් දූෂණ විරෝධී පනත යටතේ චෝදනා 11 ක් එල්ල කර තිබෙනවා.



2019 ජනවාරි 14 වැනිදා සහ 2019 ජනවාරි 31 කාලය අතර කාල සීමාව තුළ නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකොට එච්.එම්. චන්ද්‍රවංශ නැමැතෙකුට වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධූරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන අකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා එම අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළුව නිලධාරීන්ට බලපෑම් කිරීම තුළින් "දූෂණය" නමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍යවරියට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම අධි චෝදනා ගොනු කර තිබෙනවා.