WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,500 සීමාව ඉක්මවයි

2025 July 28- Page Views : 1187

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඓතිහාසික සන්ධිස්ථානයක් තබමින් අද (28) ගනුදෙනු අවසාන වන විට ප්‍රථම වරට ඒකක 19,500 සීමාව පසු කිරීමට සමත්ව තිබුණි.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වුණු ඉහළම අගයේ වාර්තාව අලුත් කරමින් එහි අගය ඒකක 50.15කින් ඉහළ ගොස් ඒකක 19,517.86ක් ලෙසින් සටහන් විය.

මෙලෙස සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාමට රෝයල් සෙරමික් ලංකා, මෙල්ස්ටාකෝප්, හේමාස් හෝල්ඩිංග්ස්, LB ෆිනෑන්ස් සහ CT හෝල්ඩිංග්ස් යන සමාගම් ඇතුළුව සමාගම් 97ක කොටස් මිල ඉහළ යාම හේතු වී තිබුණි.

මේ අතර දිනයේ ගනුදෙනු අවසානයේ S&P SL 20 මිල දර්ශකය ඒකක 19.47 කින් ඉහළ ගොස් ඒකක 5,774.51ක් ලෙසින් සටහන් විය.

අද ගණුදෙනු පිරිවැටුම දැක්වුනේ රුපියල් බිලියන 6.16ක් ලෙසයි.