WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්දියාවෙන් පිටුවහල් කළ වැලිගම සහන් කටුනායකදී අත්අඩංගුවට

2025 July 29- Page Views : 1187

සහන් සිසි කැළුම් හෙවත් වැලිගම සහන් නැමැති සංවිධානාත්මක අපරාධකරු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දියාවෙන් පිටුවහල් කරන ලද මොහු අද (28) පස්වරුවේදී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

පානදුර ප්‍රදේශයේ සහ කළුතර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධීන් දෙකකට මෙන්ම මට්ටක්කුලියේ පත්තෑ සුරංග නැමැත්තාට වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු වන්නේද මෙම වැලිගම සහන් නැමැත්තා බවද මොහු කුලී ඝාතකයෙකු බවත් වාර්තා වේ.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කළුතර අපරාධ කොට්ඨාසයට භාර දී තිබේ.