අස්වැසුම වැඩිහිටි දීමනාව හෙට ගිණුම් වලට
2025 July 29- Page Views : 1187
ජුලි මසට අදාල අස්වැසුම ප්‍රතිලාභී පවුල් වල වැඩිහිටි දීමනාව අදාල අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වලට හෙට( 30) බැර කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
රුපියල් 3,003,840,000 (තුන් බිලියන තුන් මිලියන අටලක්ෂ හතලිස් දහසක) ක මුදලක් ප්‍රතිලාභීන් 600,768 (හය ලක්ෂ හත්සිය හැට අටක්) ක් අතරේ බෙදාහරිමින් ඔවුන්ගේ අස්වැසුම ප්‍රතිලාභි ගිණුම් වලට බැර කිරීමට නියමිත බවද සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.