ත්‍රිරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයට - සිව්දෙනෙකුට බරපතළයි
2025 July 30- Page Views : 1187
ලිඳුල, මෙරායා ඌවකැලේ වත්තේ ඉහළ කොටස ප්‍රදේශයේ දී අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබේ.
අනතුරින් ත්‍රිරෝද රථ රියදුරු සහ පිටුපස අසුනේ ගමන්ගත් තරුණයින් තිදෙනෙකු බරපතළ තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇත.
තුවාලකරුවන් අතරින් එක් අයෙකුගේ සුසුම්නාවට හානි සිදුවීම හේතුවෙන් ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
ත්‍රිරෝද රථ රියදුරු සහ පිටුපස ගමන්ගත් ඔහුගේ මිතුරන් අධික ලෙස බීමත්ව සිටි බවත් වේගය පාලනය කරගත නොහැකිව ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන මෙලෙස අනතුරට ලක්ව ඇති බවත් අනාවරණය වී තිබේ.