ලොව ලස්සනම දූපත් අතරින් ශ්‍රී ලංකාව පළමුතැනට
2025 July 30- Page Views : 1187
ගෝලීය සංචාරක වෙබ් අඩවියක් වන බිග් 7 ට්‍රැවල් විසින් සම්පාදනය කරන ලද "ලෝකයේ හොඳම දූපත් 50" ලැයිස්තුවේ ප්‍රමුඛ ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාව ප්‍රංශ පොලිනීසියාවේ මොරියා, ඉක්වදෝරයේ ගැලපගෝස් දූපත් සහ සීෂෙල්ස් වැනි සුප්‍රසිද්ධ දූපත් පාරාදීසයන් අභිබවමිනුයි ඉදිරියට පැමිණ තිබෙන්නේ.
Big 7 travel ට අනුව, ශ්‍රී ලංකාව තෝරාගෙන ඇත්තේ එහි සංස්කෘතික උරුමයන්, විවිධ භූ දර්ශන, වනෝද්‍යාන සහ පිරිසිදු වෙරළ තීරයන් ආදිය සඳහාය.
මේ අනුව, 2025 වසරේ ලොව ඉහළම දූපත් 10 දෙනා මෙසේයි.
01 ශ්‍රී ලංකා
02 Mo'orea, ප්‍රංශ පොලිනීසියාව
03 සොකොත්‍රා, යේමනය
04 මැඩෙයිරා
05 ගැලපගෝස්, ඉක්වදෝරය
06 මහා එක්සුමා, බහමාස්
07 සීෂෙල්ස්
08 අචිල් දූපත, අයර්ලන්තය
09කෝ ලිප්, තායිලන්තය
10මිලෝස්, ග්‍රීසිය