බොරු සී.අයි සැප වාහන තුනක් සමග මාට්ටු
2025 July 30- Page Views : 41 ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයකු ලෙස පෙනී සිටිමින් , කොටස් බද්ධ කොට සකස් කරන ලද මෝටර් රථ අලෙවි කිරීමට ඇති ස්ථාන සොයා ගොස් ඒවා අත් අඩංගුවට ගන්නා බව පවසමින් රැගෙන ගිය බව කියන පුද්ගලයකු අත් අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි එම පුද්ගලයාගේ නිවසේ තිබී සුඛෝපභෝගී ජීප්රථ තුනක් පොලීසිය අත් අඩංගුවට ගෙන ඇත.
ඔහු සන්තකයෙහි තිබී පොලිස් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන අන්දමට ව්‍යාජ ලෙස සකස්කරන ලද ප්‍රධාන පොලිස් පරීක්ෂක හැදුනුම්පතක් සහ පොලිස් නිල ඇදුම් කිහිපයක්ද පොලීසිය බාරයට ගනු ලැබූ බවත් පොලීසිය පවසයි.