නව අගවිනිසුරු රටට දුන් පණිවුඩය
2025 July 31- Page Views : 1187
නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පිළිගැනීමේ චාරිත්‍රනුකූල නිල උත්සවය අද (31) ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී පැවැත් විය.
ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය නියෝජනය කරන විනිසුරුවරුන්, මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරුන්ද මෙම උත්සවයට සහභාගි විය.
මෙම චාරිත්‍රානුකූල නිල උත්සවයේදී සිය ප්‍රකාශය සිදුකළ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මහජන විශ්වාසය වර්ධනය වන ආකාරයට අධිකරණ ක්‍රියාදාමය නගා සිටුවීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කළේය.
නඩු කටයුතු වේගවත් කිරීම මෙන්ම අධිකරණ පද්ධතිය තුළ ඵලදායි සේවාවක් මහජනතාව වෙත ලබාදීම සඳහා අධිකරණ කටයුතු ඩිජිටල් කරණය කිරීම වේගවත් කරන බවත් ඔහු කියා පැවසීය