WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සැප්තැම්බර් 1 සිට අධිවේගයේ බස්වල මගීන්ටත් ආසන පටි අනිවාර්යයි ?

2025 August 01- Page Views : 1187

අධිවේගී මාර්ගයන් හි ධාවනය වන සැහැල්ලු වාහනවල පසුපස ආසනවල ගමන් ගන්නා පුද්ගලයින් ආසනපටි පැලදීම අද (1) සිට අනිවාර්ය වේ.

අද සිට ඒ පිළිබද විශේෂ පරීක්ෂාවකට ලක්කරන බව පොලීසිය සඳහන් කළේය.

මේ අතර එළැඹෙන සැප්තැම්බර් මස 1වනදා සිට අධිවේගී මාර්ගයන්හී ගමන්ගන්නා මගී බස්රථවල සියලු මගීන් ද ආසනපටි පැළදීම අනිවාර්ය කිරීමට ජාතික ගමනානමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ පිළිබද පැහැදිලි කළ ජාතික ගමනානමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල මහතා,

"සැප්තැම්බර් මස 1වනදා සිට අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මගීන් රැගෙන යන බස් රථවල රියදුරා ඇතුළු සියලුම මගීන් ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ ඉලක්කය සපුරා ගැනීමේ අවශ්‍යතාව තිබෙනවා" යැයි පැවසීය.