WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ආසියානූ ජායාරූප කළා සංගමයේ අන්තර්ජාතික සමුළුවට චීන මාධ්‍යවෙිදීයෝ එති

2025 August 01- Page Views : 1187

ආසියානූ ජායාරූප කළා සංගමයේ 28 වන අන්තර්ජාතික සමුළුවට සහභාගී වීම සදහා පළමු කණ්ඩායම ලෙස චීන ජාතික සංචාරක ජායාරූප ශිල්පීන් 15 දෙනෙකු ඊයේ(31 ) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

මෙම සමුළුව ආසියානූ රටවල් 07 ක සහ ඇමෙරිකාවේ සංචාරක ජායාරූප ශිල්පීන් 90 දෙනෙකුගේ සහභාගීත්වයෙන් එළඹෙන හෙට(02)  දින සිට 07 දින දක්වා කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටයේ දී පැවැත්වීමට නියමිතය . මෙම සමුළුවට සමගාමීව ජායාරූප ප්‍රදර්ශනයක් ද මෙම හෝටයේ දී පැවැත්වීමට සැළසුම් කර තිබේ .

මෙම සමුළුවට සහභාගී වීමෙන් පසුව මෙම ජායාරූප ශිල්පීන් මහනුවර දළදා පෙරහැර , දඹුල්ල , සීගිරිය , ගාල්ල සහ මීගමුව ප්‍රදේශ වල සංචාරය කරමින් ජායාරූපකරණයෙහි නිරත වීමට නියමිතය.

මෙසේ පැමිණි සංචාරක ජායාරූප ශිල්පීන් කටුනායක ගුවන් තොටුපොළේ දී පිළිගැනීම සහ මෙම සමුළුවට අවශ්‍ය පහසුකම් ශ්‍රී ලාංකාවේ ජාතික ජායාරූප ශිල්පීන්ගේ සංගමය විසින් සම්පාදනය කර තිබේ .