WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මාතර කපුගම ප්‍රදේශයේ වෙඩි තැබීමක්

2025 August 03- Page Views : 1188

මාතර කපුගම ප්‍රදේශයේ අද (03) උදෑසන 6.35ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ ටී 56 ගිනි අවියක් භාවිත කරමින් නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.

වෙඩි වැදීමෙන් 48 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර වෙඩි වැදීමෙන් ඔහුගේ පාදයකට සුළු තුවාල සිදුව තිබේ 

තුවාලකරු බස් රථ හිමිකරුවෙක් සහ බහුදින ධීවර යාත්‍රා හිමි ව්‍යාපාරිකයෙක් බවද පොලීසිය පැවසීය.

පසුගිය මාර්තු 21 දින දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ අසල සිදුවූ වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්වූ පසිඳු තාරක සහ යොමේස් නදීෂාන් දෙදෙනාගේ පවුලේ පුද්ගලයින් සහ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා අතර ඇති හිතවත්කම හේතුවෙන් සංවිධානාත්මක හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට ඩුබායි රාජ්‍යයේ සිටින ෂෙහාන් සත්සර නොහොත් දෙහිබාල මල්ලීගේ මෙහෙයවීමෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලීසිය සැකපළ කරයි.

වෙඩි තැබීම සිදුව ඇති ස්ථානයේ තිබී ටී 56 උණ්ඩ 03ක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ගන්දර පොලීසිය මගින් සිදුකරති.