WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අමෙරිකාවේ තීරුබදු ඉහළ දැමීමට චීනයෙන් ප්‍රතිචාර

2025 October 13- Page Views : 30

අමෙරිකාව චීනයට එරෙහිව සැලසුම් සහගත ව තීරුබදු පැනවීම සම්බන්ධයෙන් තවදුරටත් අනිසි පියවර ගතහොත් චීනය ඊට නිසි ප්‍රතිචාර දක්වන බව චීන වාණිජ අමාත්‍යාංශය පවසයි.

සිය දුර්ලබ ඛනිජ අපනයන සීමා කිරීම සඳහා ගන්නා පියවර සම්බන්ධයෙන් දැනුම් දීම පසුගිය 09 වැනිදා චීනය සිදු කළ බව චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයා ඊයේ (12) පැවසුවේය.

මෙම ක්‍රියාව, චීන රජය නීති-රීතිවලට අනුකූලව සිය අපනයන සීමා කිරීමේ පද්ධතිය වැඩිදියුණු කිරීමට යොදා ගන්නා නිසි ක්‍රියාමාර්ගයක් බව සඳහන් වේ.

ඊට ‍එරෙහිව, අමෙරිකාව 10 වැනිදා ප්‍රකාශ කළේ චීනයට එරෙහිව 100%ක් දක්වා තීරුබදු පනවන බව සහ සිය සියලු ප්‍රධාන මෘදුකාංග අපනයන පාලනය කරනු ඇති බවය.

මේ සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා පැවසුවේ අමෙරිකාවේ මෙම පියවර ව්‍යවසායන්හි යුක්තිගරුක හා නීත්‍යනුකූල අයිතිවාසිකම්වලට මෙන්ම ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ පටිපාටිය ද හානිකර බවය.

එබැවින් සිය වැරදි නිවැරදි කරන ලෙස චීනය අමෙරිකාවෙන් ඉල්ලා සිටී. 

එමෙන්ම ඔවුන්ගේ සැලසුම් සහගත ක්‍රියාවන්ට එරෙහිව දැඩි පියවර ගනිමින් තම පූර්ණ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට චීනය ක්‍රියා කරන බව ද චීන වාණිජ අමාත්‍යාංශය අවධාරණය කළේය.