බහුදින ධීවර යාත්‍රාවේ රුපියල් කෝටි 500කට ආසන්න අයිස් සහ හෙරොයින්
2025 November 02- Page Views : 8
		 
		 
		 
		 නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රාවේ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 350කට වැඩි ප්‍රමාණයක් සොයා ගත් බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 5කට ආසන්න වන බවය.
බටහිර දෙසින් ගැඹුරු මුහුදේදී සිය භාරයට ගත් ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය ඇතැයි තහවුරු වෙයි
බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් මෙරට බහුදින යාත්‍රාවේ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සොයා ගත් බව නාවික හමුදාව පවසයි.
ඒ අනුව එම යාත්‍රාවේ තිබූ උර 16ක අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ඇතැයි අනාවරණය වී තිබේ.
එමෙන්ම තවදුරටත් එම යාත්‍රාවේ ඇති උර කිරුම් කටයුතු සිදුකරනු ඇති බවත් නාවික හමුදාව පවසයි.
නාවික හමුදාවට ලැබී ඇති විශ්වසනීය තොරතුරක් මත මෙම යාත්‍රාව වැටලීම් සිදුකර ඇති අතර එහිදී අදාළ යාත්‍රාව නාවික හමුදා භාරයට ගනු ලැබීය.
ඒ අනුව එම යාත්‍රාව අද පෙරවරුවේ දික්ඕවිට ධීවර වරයාට රැගෙන එනු ලැබීය.