WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වැඩි කළ පැය භාගය අඩුකිරීමට ගුරු වෘත්තීය සමිති අධ්‍යාපන බලධාරීන්ට දින දෙයි

2025 November 04- Page Views : 33

පාසල් පවත්වන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගෙනඇති තීරණය වෙනස් කිරීම සඳහා ලබන 07 වන දින දක්වා රජයට කල් ලබාදෙන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ එම තීරණය වෙනස් නොකළහොත් දෙසැම්බර් පළමු සතිය තුළ දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මේ බව සඳහන් කළේය.