WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

උද්ධමනය 7%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

2026 June 02- Page Views : 10

මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් සහ ඉන්ධන මිලෙහි සිදුවන ඉහළ යාම හේතුවෙන් මෙරට උද්ධමනය සියයට 7 දක්වා ඉහළ යාමට හැකියාව පවතින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, මැදපෙරදිග යුද්ධය කෙටි කාලීනව සමනය වනු ඇති බවට පුරෝකථනය කළ ද එය දීර්ඝ කාලයක් පැවතීම හේතුවෙන් මෙරට ආර්ථිකයට ද දැඩි බලපෑම් එල්ල වී ඇති බවය.

ඊයේ (01) රාත්‍රී විකාශය වූ කාලීන වැඩසටහනක් සමඟ එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ බව සඳහන් කළේය.

"මේ සතියේ තෙල් මිල තවත් වැඩිවුණා. වැඩිවුණා කියන්නේ මේ 5.4% - 5.5% තව ඉදිරියට අනිවාර්යයනේම තව වැඩිවෙනවා. ඒක ගැන කිසිම ගැටලුවක් නෑ. මේක වැඩිවෙන බව පැහැදිලිව දැන් පේනවා. ‌හේතුව අපි දත්ත බැලුවහම මේ වෙනකොට පේන දෙයක් තමා තෙල් මිල වැඩිවීම කියන එක එකක්. තවමත් පරිභෝජනයේ අඩුවක් අපි දකින්නේ නෑ. ඒ නිසා තමයි අවදානමක් තියෙන්නේ උද්ධමනය අනිවාර්යයනේම 5% කියන එක දිගටම මේක ගියොත් 7%ටත් එන්න පුළුවන්. ඒකට පෙර සුදානමක් විදියට තමා අපේ මුදල් ප්‍රතිපත්තිය දැඩි කරේ පහුගිය සතිය තුළ. ඒ තුළින් ඉදිරි මාස තුන තුළ තියෙන ඉල්ලුම යම් ආකාරයටකට සමනය කරලා, ඉල්ලුම අඩු කිරීම තුළින් උද්ධමනය වැඩි වීම වළක්වා ගැනීම රටට ඉතාම වැදගත්. අපි උත්සාහ කරනවා ඉල්ලුම පාලනය කරලා උද්මනය පාලනය කරන්න."

නීත්‍යානුකූලව උපයාගත් ඕනෑම මුදලක් ශ්‍රී ලංකාවට එවීම සඳහා කිසිදු පුද්ගලයෙකුට බාධාවක් නොමැති බව එම සාකච්ඡාවේ දී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේය.

"කිසිම ප්‍රශ්නයක් නෑ. රටේ තියෙනවා නේ මුලද් විශුද්ධිකරණය සම්බන්ධයෙන් නීති පද්ධතියක් ඒ යටතේ යම්කිසි නීත්‍යානුකූලව පැවති මුදලක් බැංකුවක් හරහා නැවත ශ්‍රී ලංකාවේ බැංකුවකට එවන්න කිසිම බාධාවක් නෑ. නීත්‍යානුකූල නොවන මුදලක් නම් ඒක එවන්න අමාරුයි."