ජර්මනියේ ලෝක කුසලාන සිහිනය පැරගුවේ බොඳ කරයි
2026 June 30- Page Views : 6
2026 පාපන්දු ලෝක කුසලානයෙන් ජර්මනියට ඉවත්වීමට සිදුවිය.
ඒ, පිළිමළුන් පිටුදැකීමේ වටයේ පැරගුවේ කණ්ඩායම හමුවේ ලද පරාජයත් සමගය.
තරගයේ 42 වන විනාඩියේදී ජුලියෝ එන්සිසෝ පැරගුවේ කණ්ඩායම වෙනුවෙන් ගෝලයක් වාර්තා කළේය.
ඉන් අනතුරුව 54 වන විනාඩියේදී ජර්මනිය වෙනුවෙන් ගෝලයක් වාර්තා කරනු ලැබුවේ කෛ හවර්ස්ට් විසිනි.
තරගයේ පළමු විනාඩි 90 තුළ කණ්ඩායම් දෙකටම ජයගැනීමට නොහැකි වූ බැවින් අමතර කාලයක් ලබාදීමට තරග තීරකවරුන් කටයුතු කළේය.
කෙසේ වෙතත් එම කාලයේදී කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කිරීමට නොහැකි විය.
ඉන් අනතුරුව තරගයේ ජය දඬුවම් පහරවලින් තීරණය කිරීමට විනිසුරුවරුන් කටයුතු කළහ.
පැරගුවේ කණ්ඩායම විසින් දඬුවම් පහර පහකින් හතරක් සාර්ථක කරගත් අතර ජර්මනියට සාර්ථක කරගැනීමට හැකිවූයේ දඬුවම් පහරවල් තුනක් පමණය.
ඒ අනුව ලෝක ශ්‍රේණිගත කිරීම්වල 10 වන ස්ථානයේ සිටින ජර්මනියට මෙවර ලෝක කුසාලන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.