එංගලන්ත කාන්තා පිල ලෝක කුසලාන අවසන් මහා තරගයට
2026 July 03- Page Views : 13
කාන්තා T20 ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ලකුණු 40කින් පරාජය කළ එංගලන්ත කාන්තා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තාය.
ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 169ක් රැස් කළේය.
නායිකා නැට් ස්කයිවර්-බ්‍රන්ට් පන්දු 47කින් හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 75ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ අතර, හෙදර් නයිට් ලකුණු 58ක් රැස් කළාය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 129ක් පමණි.
ටස්මින් බ්‍රිට්ස් ලකුණු 51ක් රැස් කළ අතර, නායිකා ලෝරා වොල්වාර්ඩ්ට් ලකුණු 17ක් ලබා ගත්තාය.
පන්දු යැවීමේදී ලෝරන් බෙල් සහ චාලි ඩීන් කඩුලු දෙක බැගින් දවා ගත් අතර, ලින්සි ස්මිත් එක් කඩුල්ලක් දවා ගත්තාය.