අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් වංචා කිරීමක් - ඇමතුම් ලැබී ඇත්නම් පැමිණිලි කරන්නැයි දන්වයි
2026 July 17- Page Views : 12
වංචාසහගත ලෙස අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් වංචා කිරීමක් සිදුවන බවට වාර්තා වී ඇතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශයන් හී විවිධ පුද්ගලයින් විසින් විවිධ දුරකථන අංක මගින් අස්වැසුම ප්‍රතිලාභීන් අමතා ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් යැයි පවසා දුරකථන ඇමතුම් ලබා දෙන බවය.
මේ ආකාරයෙන් දුරකථන ඇමතුම් ලබා දී තොරතුරු යථාවත් කිරීමේ ක්‍රියාවලිය බව පවසා හෝ වෙනත් හේතුවක් සඳහන් කරමින් ඒ වෙනුවෙන් එම ඇමතුම ලබා දෙන පාර්ශ්වයට මුදල් ගෙවීමක් සිදුකරන ලෙස ඉල්ලීම් කර ඇතැයි මේ වන විට වාර්තා වී ඇති බවද එම මණ්ඩලය සඳහන් කර තිබේ.
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරනුයේ මෙම ක්‍රියාව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ කිසිදු අනුදැනුමකින් සිදු නොවන්නක් බැවින් මේ සම්බන්ධව අදාළ පොලීසියට ගොස් පැමිණිලි කරන ලෙස සහ මේ සම්බන්ධව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස වසම්භාර නිලධාරීන් දැනුවත් කරන ලෙසත්ය.
එමෙන්ම මේ සම්බන්ධයෙන් දැනටමත් ඇමතුම් ලැබී ඇත්නම් ඒ පිළිබඳව අස්වැසුම ප්‍රතිලාභීන් මගින් අදාළ පොලිස් බල ප්‍රදේශයේ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර දෙන ලෙසත් එම මණ්ඩලය සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.