ඩෙංගු මරණ 50යි - සමස්ත රෝගීන් 73,000 ඉක්මවයි
2026 July 17- Page Views : 9
වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 73,000ට ඉක්මවා ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ඒ අනුව ඊයේ (16) වන විට මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් රෝගීන් 73,455ක් වාර්තා වී ඇති බවත් ඩෙංගු මරණ 50ක් වාර්තා වී ඇති බවත් එම ඒකකය සඳහන් කළේය.
ඊයේ (16) දිනට පමණක් රෝගීන් 1,025ක් වාර්තා වී ඇත.
මින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 38,700ක් ලෙස සටහන් වී තිබේ.
එමෙන්ම බස්නාහිර පළාතේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 15,341ක් ලෙසද දැක්වේ.
එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 14,625ක්ද වාර්තා වී තිබේ.
මේ අතර ජූලි මාසයේ ගතවූ දින 16 තුළ රෝගීන් 18,076ක් වාර්තා වී ඇත.
වසරේ ගතවූ කාලය තුළ වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ජුනි මාසයේ වන අතර එම රෝගීන් සංඛ්‍යාව 21,538කි.