WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මාතර, දෙවුන්දර දේවාලය ආසන්නයේ පිහිටි නිවසකට නාඳුනන වෙඩික්කරුවෙකු විසින් වෙඩි තබා පලා ගිය මෝටර් රථය දික්වැල්ල ප්‍රදේශයේ දී සොයා ගෙන තිබේ. ඊයේ (22) රාත්‍රියේ නව බෙලිඅත්ත මාර්ගයේ මෝටර් රථයක් නවතා තිබී ඇති අතර, එය පරීක්ෂාවට උත්සාහ කිරීමේ දී රියදුරු විසින් නොනවත්වා ධාවනය කර ඇත. පසුව මෝටර් රථය කාණුවකට වැටී නැවතී ඇති අතර, එහිදී රියදුරු පලාගොස් ඇතැයි අද දෙරණ කළ විමසීමක දී පොලීසිය සඳහන් කළේය. පසුව සිදුකළ පරීක්ෂාවේ දී අදාළ මෝටර් රථය දෙවුන්දර වෙඩිතැබීමට පැමිණි මෝටර් රථය බවට පොලීසියට තහවුරු වී තිබේ. ඊයේ අලුයම මෝටර්රථයකින් පැමිණි පිරිසක් විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් දෙවිනුවර, ගන්දර ප්‍රදේශයේ නිවසකට වෙඩි තැබීමක් සිදුකර පලාගොස් තිබුණි. ගන්දර පොලිස් වසමේ ඒදණ්ඩ පාර දෙවිනුවර පිහිටි ධීවර කටයුතුවල නිරත පුද්ගලයෙකුගේ නිවසකට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්ය. වෙඩික්කරුවන් මෝටර් රථයකින් පැමිණ වෙඩිතබා පලා යන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණි.

2026 July 23- Page Views : 6

පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාරවලින් අය කරනු ලබන ඇතැම් වෛද්‍ය පරීක්ෂණ ගාස්තු සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නියමිත උපරිම ගාස්තු පනවා ඇත.

ඒ අනුව, Full Blood Count (FBC) රුධිර පරීක්ෂාවක් සඳහා පෞද්ගලික අංශයෙන් අය කළ හැකි උපරිම ගාස්තුව රුපියල් 400 ක් වේ.

කෙසේ වෙතත්, යාපනය, පලාලි පාර, කන්දර්මඩම් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනය විසින් එම පරීක්ෂාව සඳහා රුපියල් 550ක බැගින් අය කර ඇති බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් සිදුකරන ලද විශේෂ වැටලීමකදී අනාවරණය කරගෙන ඇත.

ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇත.

එහිදී විත්තිකාර ආයතනය අදාළ චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව, අධිකරණය විසින් එම ආයතනයට රුපියල් ලක්ෂ 30ක, එනම් රුපියල් මිලියන 03ක දඩයක් නියම කර ඇත.

තවද, සිදුකරන ලද වරද සම්බන්ධයෙන් විත්තිකාර ආයතනයේම වියදමින් ප්‍රධාන පුවත්පත්වල දැන්වීමක් පළ කරන ලෙස ද අධිකරණය නියෝග කර ඇත.

පෞද්ගලික රෝහලකින් හෝ වෛද්‍ය රසායනාගාරයකින් සේවාවක් ලබාගැනීමේදී නියමිත උපරිම ගාස්තු පිළිබඳ විමසිලිමත් වන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දී ඇත.

ඔබ ගෙවන සෑම මුදලක් සඳහාම නිවැරදි බිල්පතක් හෝ රිසිට්පතක් ලබා ගන්නා ලෙසත් එය ඔබේ පාරිභෝගික අයිතියක් වන අතර, අවශ්‍ය අවස්ථාවක වැදගත් සාක්ෂියක් ලෙස එය භාවිත කළ හැකි බවත් ඔහු පවසයි.

නියමිත උපරිම ගාස්තුව ඉක්මවා මුදල් අය කරන අවස්ථා පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පැමිණිලි කළ හැකිය.