Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ප්‍රථම වතාවට ලෝක කුසලානයට විනිසුරුවරියන්

|Tue,01 March 2016 02.00 PM|Miscellaneous| Page Views : 63

අලුත් පුවත්
බ්‍රෙන්ඩා ඉන්නකන් වැන්ඩා යනවා !
යෝෂිත වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණයට
කුමාර් ගුණරත්නම් යළි රිමාන්ඩ්
 
ඉන්දියාවේ පැවැත්වෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ කාන්තා තරග සඳහා කාන්තා විනිසුරුවරියන් දෙදෙනෙකු යොදා ගැනීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇතැයි වාර්තා වේ.

නවසීලන්තයේ කැතී ක්‍රොස් හා ඔස්ට්‍රේලියාවේ ක්ලෙයාර් පොලොසැක් මෙසේ ලෝක කුසලානයේදී විනිසුරුවරියන් ලෙස කටයුතු කරන කාන්තාවෝ වෙති.

ජාත්‍යන්තර මට්ටමේ පන්දුවාර විස්සයි 20 තරග ඉතිහාසයේ විනිසුරුවරියන් යොදා ගන්නා පළමු අවස්ථාව මෙයයි.

ලබන මාසයේ ඇරඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ පිරිමි හා කාන්තා තරග සඳහා නම් කර ඇති විනිසුරු විනිසුරුවරියන් 31දෙනා අතරින් ලාබාලතම තැනැත්තිය වන්නේ 27 වියේ පසුවන පොලොසැක් ය.

ඇය මාර්තු 18 දා මොහාලි හිදී පැවැත්වෙන නවසීලන්ත - අයර්ලන්ත කාන්තා තරගයේ විනිසුරුවරියක් ලෙස සහභාගී වනු ඇත.

ඊට දෙදිනකට පෙරාතුව, ක්‍රොස් විසින් චෙන්නායි හි පැවැත්වෙන පකිස්තානු - බංගලාදේශ කාන්තා තරගයේ විනිසුරුවරියක් ලෙස සහභාගී වීමට නියමිතයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න